09th August 2025 12:23:23 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මන්නාරම දිස්ත්‍රික් අඩම්පන් ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද අඩම්පන්, අන්දම්කුලම් සිට වට්ටකණ්ඩාල් දක්වා දිවෙන මාර්ගය පිරිසිදු කිරිමේ වැඩසටහන සදහා ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ දායතක්වය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි, 541 පාබල බලසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම මත, 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි, මේජර් ආර්එම්එච් කරුණාරත්න ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2025 අගෝස්තු මස 07 වන දින පිරිසිදු කිරීමේ වැඩසටහන පවත්වන ලදි.
තවද, එම අවස්ථාව සදහා 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණියේ 04 x 15 ක භටපිරිසක්ද, අඩම්පන් පොලිස් ස්ථානය වෙතින් 00 x 05 ක්ද, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - මාන්තෛ (බටහිර) වෙතින් 50 ක්ද, මාන්තෛ ( බටහිර) - ප්‍රාදේශිය සභාව වෙතින් 50 ක්ද, අඩම්පන් රෝහල වෙතින් 15 ක්ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 05 ක්ද, මඩු කලාප අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලය වෙතින් 25 දෙනෙක් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් 25 ක්ද සහභාගි වන ලදි.