09th August 2025 12:14:17 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) වලට අයත් 21 පාබල සේනාංක මුලස්ථානය යටතේ ඇති 211 පාබල බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ ගල්කුලම ගම තුල මෙම වැව පිහිටා ඇති අතර, මෙම වැවේ ජලය නොපෙනන අන්දමට ජපන් ජබර සැල්විනියා සහ නෙළුම් වැනි ජලජ ශාක වලින් ගහනව ඇති බැවින් එම සුද්ද පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයක් 21 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ඒආර්සි විජේසුරිය ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම මත 211 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටිඩිපි සිරිවර්ධන පිඑස්සි ජ්‍යේෂ්ඨ නිළධාරිගේ අධික්‍ෂණය යටතේ 2025 අගෝස්තු මස 06 වන දින සිදුකරන ලදි.
මෙම වැව සුද්ද පවිත්‍ර කිරිම සදහා මුල්‍ය දායකත්වය එලිසබෙත් මෝයර් පාසලේ පරිසර සුරකීමේ සංගමය - කොලඔ ආයතනය වෙතින් ලබාදුන් අතර, මේ සදහා 211 පාබල බළසේනාවේ හා 9 ගජබා රෙජිමේන්තුවට අයත් නිළධාරි/සෙසුනිළයින්, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිළධාරින්, ගොවි සංවිධාන හා ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් මෙම වැව සුද්ද පවිත්‍ර කරන ලදි.