Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

31st July 2025 15:50:22 Hours

541 පාබල බලසේනාව ප්‍රදේශයේ රජයේ ආයතන හා ස්වේච්ඡා සංවිධාන සමග එක්ව ලෝක කඩොලාන දිනය සමරයි.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 541 පාබල බලසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ, 541 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරන නිලධාරි සහ 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණියෙහි ඒකක අණදෙන නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්‍ෂණ යටතේ ලෝක කඩොලාන දිනයට සමගාමිව මන්නාරම නරුවිලකුලම් ප්‍රදේශයේ කඩොලාන ශාක 1500 ක ප්‍රමාණයක් නැවත රෝපණය කිරිමේ වැඩ සටහනක් 2025 ජුලි මස 28 වන දින පවත්වන ලදි.

එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පොලිසිය, නානාට්ටාන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව, මන්නාරම - රතු කුරුස සංවිධානය, ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය යන ආයතන මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ හා නරුවිලකුලම් රජයේ දමිළ විදුහලේ සිසු සිසුවියන් ද, 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණියට අයත් යුද්ධ හමුදා භටපිරිස් සමග අත්වැල් බැඳගනිමින් මෙම වැඩ සටහන සිදු කරන ලදි.