Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

31st July 2025 09:55:04 Hours

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව "සුන්දර වෙරළ තීරයක් සහ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්" යන තේමාව යටතේ මන්නාරම දිස්ත්‍රික්කය පුරා 2025.07.29 වන දින වෙරළතීරය පිරිසිදු කිරීම.

යුද්ධ හමුදාධිපතිතුමාගේ දූරදර්ශී සංකල්පයකට අනුව සහ "සුන්දර වෙරළ තීරයක් සහ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්" යන ප්‍රබෝධමත් තේමාව යටතේ 2025 ජූලි 29 වන දින මන්නාරම දිස්ත්‍රික්කය ආවරණය වන මුහුදු තීරයේ තොරාගත් ස්ථාන 42 ක් යටතේ කිලෝ මීටර් 52 කට ආසන්න වෙරළ කළාපය පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී. මන්නාරම වෙරළ තීරයේ විවිධ වර්ගයේ කසළ ඉවත් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රයත්නය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් සමාජයේ සහභාගීත්වයෙන් හා හමුදාවේ ශක්තිය ඒකාබද්ධ කරමින් අති සාර්ථක අයුරින් සිදු කරන ලදි.

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීමෙන් 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධික්‍ෂණය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන් මහතාගේ උපරිම දායකත්වය මත රාජ්‍ය, විවිධ සිවිල් ආයතන, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ප්‍රදේශිය සිවිල් ප්‍රජාව 1500 ක පමණ ශ්‍රමදායකත්වයක් ලබාදෙන ලදි.

තවද, මෙම පාබල සේනාංක බලප්‍රදේශය තුලින් භඨ පිරිස් 1100 ට අධික ප්‍රමාණයකගේ සහාය ඇතිව මෙම වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් ශක්තිමත්ව සිදු කරන ලද අතර, වෙරළ තීරයේ විවිධ වර්ගයේ කසළ ඉවත් කිරීම සිදුකල බවත්, විශේෂයෙන්ම පරිසරයට අහිත කර ප්ලාස්ටික් ටොන් 10 ට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව අපද්‍රව්‍ය ටොන් 14 ක් පමණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්රැස්කර ප්‍රදේශිය සභාවන් හි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලබා දෙන ලදි. මෙම ආදර්ශමත් මුලපිරීම, ජාතික සංවර්ධන හා පාරිසරික ආරක්ෂණ ප්‍රයත්නයන් සමඟ දූෂිත වෙරළ තීරයන් පිරිසිදු අවකාශයන් බවට පත් කිරීම තුලින් යුද්ධ හමුදාවේ පරිසර සංරක්ෂණ ඉලක්ක ඉදිරියට ගෙන යාම පමණක් නොව, පිරිසිදු, හරිත හා තිරසාර ශ්‍රී ලංකාවක් පිළිබඳ පුළුල් දැක්ම සංකල්පය සාර්ථක කර ගැනීමත් හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ද ඉවහල් විය.