24th July 2025 18:48:59 Hours
“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ කොටසක් ලෙස, “හමුදා සමාජික සඳහා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ වැඩසටහන” යන මැයෙන් තෙදින වැඩමුළුවක් 2025 ජූලි 22 සිට 24 දක්වා සාර්ථකව පවත්වන ලදී. යුද හමුදාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ සහ ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මහතාගේ ආරාධනයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ආර් එම් එම් මොනරාගල යූඑස්පී ගේ නායකත්වයෙන් යුත් විශේෂඥ පහසුකම් සපයන්නන් කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. කොළඹ යුද හමුදා රෝහලේ මනෝචිකිත්සක උපදේශක කර්නල් චන්දිමාල් මාලිම්බඩ සහ ලුතිනන් කර්නල් යූ පී මල්ලවආරච්චි ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන නිළධාරීන් ඔහු සමඟ මෙම වැඩමුළුව සඳහා එක් විය.