24th July 2025 17:21:28 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) හි නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුරට පත් වූ බ්‍රිගේඩියර් කේ ටී ආර් බී කොඩිප්පිලි පීඑස්සී, 2025 ජූලි 24 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) හි රාජකාරි භාර ගන්නා ලදී.
මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සෙත් පිරිත් සජ්ජායානා හා ආශිර්වාද මැද බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුරට පත්වූ බ්‍රිගේඩියර් කේ ටී ආර් බී කොඩිප්පිලි පීඑස්සී සුභ නැකතින් තම රාජකාරී ආරම්භ කරන ලදී. ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ, පාලන සහ භඨකාර්ය සම්පාදන ශාඛාවේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුරට පත්වීමට පෙර බ්‍රිගේඩියර් කේ ටී ආර් බී කොඩිප්පිලි පීඑස්සී චීන ජනරජයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළේය.