22nd July 2025 12:48:12 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) භට පිරිස් විසින් ත්‍රිකුණාමලය වෙත විනෝද චාරිකාවක් 2025 ජුලි මස 19 වන දින සංවිධානය කරන ලදී. මෙම සංචාරය සඳහා නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයන් 105 දෙනෙකු සහභාගී වූහ.
චාරිකාව අතරතුර, භට පිරිස් කෝනේෂ්වරම් කෝවිල, ගෝකන්න රජ මහා විහාරය, ගිරිහඬු ස්ථූපය සහ අරිසිමලේ නැරඹූහ. භට පිරිස් අතර එකමුතුකම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන්ගේ නිතිපතා වැඩ කටයුතු වලින් ප්‍රබෝධමත් වෙනසක් ලබා දීමේ අරමුණින් මෙය සංවිධානය කරන ලදී.