21st July 2025 09:46:36 Hours
5 41 පාබල බළසේනාවේ බළසේනාධීපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් අනුව 5(ස්වේ) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජේපීයූ කුමාර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ එම ඒකක භට පිරිස් විසින් ඒකක බළප්‍රදේශයේ පිහිටී වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහලේ ආරක්‍ෂිත වැට ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අවසන් අධියර වශයෙන් ආරක්‍ෂිත වැටෙහි දැල එලා වැඩ අවසන් කරන ලදී. දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ 2025.07.17 සහ 19 වන දෙදින තුල 5(ස්වේ) යාපාරෙ ඒකකයේ එක් නිලධාරියෙකු, සෙසුනිලයින් 15 දෙනෙකු සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.