Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th July 2025 12:01:00 Hours

පාසල් ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, කැකිරාව මාමිනියාව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජුලි මස 14 වන දින 212 පාබල බසේමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරීගේ සහ 7(ස්වේ) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී සහභාගිත්වයෙන් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබලගැන්වීමි අමාත්‍යාංශය සහ සමෘද්ධි ක්‍රිඩා සංගමය සහ ජිවනෝපාය අත්වැල පදනම එක්ව ක්‍රිඩා සංගමයේ සමාජික, තරංග කල්දේරා මහතාගේ 33 වන ජන්ම දිනට සමගාමීව හා ක්‍රිඩා සංගමයේ සමාජික, ප්‍රියන්ති මානෙල් මිය සහ ක්‍රිඩා සංගමයේ ලේකම් සහ ජිවනෝපාය අත්වැල පදනම සභාපති, මාලින් ආර් සමරවීර යන මහත්ම මහත්මීන්ගේ මූල්‍ය පරිත්‍යාගය සිදු කරන ලදි.