13th July 2025 12:01:27 Hours
කපිතන් සාලිය අලදෙණිය PWV විරුවාගේ වාර්ෂික සැමරුම් උත්සවය 2025 ජූලි 11 වන දින 592 පාබසේමු යටතේ පාලනය වන 5 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක බල ප්‍රදේශයෙහි පිහිටි කොකාවිල් රණවිරු ස්මාරකය අසලදී පවත්වන ලදි.
1990 ජූලි 11 වැනි දින LTTE ත්‍රස්ථවාදීන්ගෙන් කොකාවිල්හි පිහිටි රජයේ රූපවාහිනී සන්නිවේදන මධ්‍යස්ථානය ආරක්ෂා කිරීම සඳහා එවකට 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය යටතේ රාජකාරි සිදු කරනු ලබු එම වීරෝධාර නිලධාරියා සහ යටතේ සිටි භට පිරිස් එල්ටිටිඊ ත්‍රස්ථවාදීන් සමග උරින් උර සටන් කරන ලද වීරෝධාර රණවිරුවන්ගේ වීරත්වය, ජාතික හැගීම සහ මාතෘ භූමිය රැක ගැනීම සඳහා තමන්ගේ ජීවිතය පුජා කිරීම වෙනුවෙන් එම අමරණීය විරුවන් සිහිකිරීමක් පවත්වන ලදි.
මෙම අභිමානවත් උත්සවය යුධ හමුදා ආචාරවිදි විදාන වලට අනුකූලව සිදු කරනු ලැබු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 59 පාබල සේනාංක මුලස්ථානයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩීආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබිලිවි ආර්එස්පි යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගි වන ලදී. එම අවස්ථාවට 51,54 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ඥාතීන් සහ සිවිල් ජනතාව සහභාගි විය.