Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th July 2025 17:10:11 Hours

212 පාබල බළසේනාවේ මුලීකත්වයෙන් කාගම, ධාතුසේන විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කරයි.

ආසේමු(ව) ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 21 පාබල සේනාංක සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමඟාමීව සමාජීය, සාරධර්ම හා පාරිසරික යන තේමාවන් ඔස්සේ මෙහෙයවමින් සිසු දරු දැරියන්ගේ භෞතික පවිත්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් 2025 ජූලි 09 වන දින කාගම ධාතුසේන විද්‍යාලයේ සියලුම වැසිකිළි පද්ධති වල අලුත්වැඩියා කටයුතු හා නවතමයෙන් ඉදිකිරීමට නියමිත වැසිකිළි පද්ධතිය ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

මෙම ඉදිකිරීම් කටයුතු කැනඩාවේ ස්ථාපිත සමාජ සුභසාධන සංවිධානයක් වන WANNI AIDS සංවිධානයේ සමාජික ශාන්ත කුමාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගය මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ හා 7 (ස්වේ) ශ්‍රි ලංකා සන්නාහ සන්ද බලකායේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන් සිදුකරනු ලබයි.