11th July 2025 14:34:47 Hours
ඩෙංගු සහ චිකුන්ගුන්යා පැතිරීම වැළැක්විමේ උත්සාහයක් ලෙස, 59 වන පාබල සේනාංකයේ මාර්ගෝපදේශය යටතේ මහා පරිමාණ ඩෙංගු වැළැක්වීමේ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වන ලදී. මෙම ව්‍යාපාරය 591, 592 සහ 593 වන පාබල බලසේනාවන් විසින් අධීක්ෂණය කරන ලද අතර, ඒ සඳහා නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිළයින් 320 සහභාගී විය.
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් පවත්වන ලද මෙම ව්‍යාපාරය, 59 වන පාබල සේනාංක ප්‍රදේශය තුළ පාසල් 79 ක් ආවරණය කළේය. සැමට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමේ මෙහෙවරට සහාය වෙමින් පාසල් සිසුන්, දෙමාපියන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් ක්‍රියාකාරීව මෙයට සම්බන්ධ විය.
ඩෙංගු සහ චිකුන්ගුන්යා පැතිරීම වැළැක්වීම සඳහා භට පිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහන්, දැනුවත් කිරීමේ සැසි සහ මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම් සිදු කළහ. ප්‍රජා සහභාගීත්වය, හොඳ සනීපාරක්ෂක පිළිවෙත් සහ පාසල් පරිශ්‍ර සහ අවට ප්‍රදේශ නිතිපතා පිරිසිදු කිරීමේ වැදගත්කම මෙම ව්‍යාපාරය මගින් අවධාරණය කරන ලදී.
මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ අනාගත පරම්පරාවන්ගේ යහපැවැත්ම සඳහා දේශීය ආයතන සහ ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.