Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th July 2025 12:49:07 Hours

54 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඩෙංගු මර්දන ව්‍යාපාරයක් පවත්වන ලදී

ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ සහ 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත, ඩෙංගු මර්දන වැඩසටහන 2025 ජූලි 09 වන දින “පිරිසිදු ශ්‍රී ලංකාව” වැඩසටහනට සමගාමීව පවත්වන ලදී. මෙම වැඩසටහන 541, 542 සහ 543 පාබල බලසේනාවේ අණදෙන නිළධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පාබල බලසේනාවල භට පිරිස්වල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන නිළධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිළයන් 400 දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදාවේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ සිදු කරන ලද අතර, පාබල බලසේනා බලප්‍රදේශ තුළ තෝරාගත් පාසල් 100 ක් ආවරණය කරන ලදී. ඩෙංගු පැතිරීම වැළැක්වීමේ අරමුණින් සිදු කල මෙම වැඩසටහනට පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කර ගන්නා ලදී.