Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st July 2025 15:59:49 Hours

2 වන යාන්ත්‍රිත පාබළ රෙජිමේන්තුව විසින් පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විම

213 පාබල බළසේනාධීපති බ්‍රිගේඩියර් පිඑම් ද සිල්වා ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ට නිලධාරිගේ මගපෙන්විම මත 2 වන යන්ත්‍රිත පාබළ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය සහ සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් 2025 ජූනි 30 වන දින, චෙඩ්ඩිකුලම් ක්‍රිස්තුවකුලම් රජයේ මිශ්‍ර දෙමළ විද්‍යාලයේදි පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් “සහෝදරත්වයේ මනුදම” සංවිධානයේ සමාජිකයින්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන මගින් පාසල් සිසුන් හට පාසල් උපකරණ හා පුස්තකාල පොත් ලබා දිමට කටයුතු කරන ලදි.