01st July 2025 09:50:59 Hours
මේජර් ජෙනරාල් A M C අබේකෝන් RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිළධාරි 2025 ජූනි මස 29 වන ඉරිදා දින මන්නාරම 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස රාජකාරී භාර ගන්නා ලදී.
යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, මේජර් ජෙනරාල් චන්ද්‍රා අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරි කදවුරු පරිශ්‍රයට පැමිණීමේදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර, දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය. අනතුරුව 8 වන විජයබාහු පාබල රෙජිමේන්තු භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.
පසුව, මේජර් ජෙනරාල් චන්ද්‍රා අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරී ආගමික පූජකවරුන්ගේ (බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු) ආශිර්වාද මධ්‍යයේ සේනාංකාධිපති ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
වැඩසටහන් මාලාවට අනුව නව සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්‚ නිලධාරීන් සහ සෙසු නිළයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, ඉන් අනතුරුව 54 වන පාබල සේනාංක කාර්යාල සංකීර්ණය ඉදිරිපස පැළයක් රෝපණය කරන ලදි.
ඉන් අනතුරුව සේනාංකාධිපති සිය රාජකාරි ස්වභාවය සහ ඔහුගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් නිල වශයෙන් අමතා, කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව කටයුතු කරන ලෙස ඔවුන් දැනුවත් කරන ලදි. භට පිරිස් ඇමතීම අවසානයේ සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.
වැඩසටහනේ මීලග අංගය ලෙස කර්නල් ප්‍රමානී සහ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිළධාරී විසින් බලප්‍රදේශය පිළිබද විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් නව සේනාංකාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලද අතර, අවසාන අංගය ලෙස නිළධාරී නිවස්නයේ සියලු නිළධාරීන් සමගින් දිවා භෝජන සංග්‍රහයකට එක් වන ලදි.
541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්‚ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා එක් විය.