01st July 2025 09:46:04 Hours
ආසේමු (ව) ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම පාසේමු සහ යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් දසක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්ථාවාදීන්ගෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීමේදී රණක්‍ෂිතයට පත්ව අනුරාධපුරය අභිමංසල 1 හි නේවාසිකව ප්‍රථීකාර ලබන ආබාධීත රණවිරුවන් සහ ඔවුන්ගේ උපස්ථායක රාජකාරි සිදු කරනු ලබන 05 X 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025.06.28 වන දින මෙම පාසේමු බල ප්‍රදේශයෙහි සංචාරයක් සිදු කරන ලදි.
593 පාබසේමු යටතේ පාලනය වන 6 ගැහේබ ඒකක බල ප්‍රදේශයෙහි පිහිටා ඇති එල්ටිටිඊ ත්‍රස්ථවාදී නායකයා රුඳි සිටි වේනාවිල් රහසිගත බංකරය නැරබීමෙන් පසු මුහුදු කොටීන් පුහුණු වීමි සිදු කරනු ලැබු කොම්බාවිල් 593 පාබසේමු කඳවුර අභ්‍යන්තරයෙහි පිහිටි පිහිනුම් තටාකය නැරබීමෙන් අනතුරුව ඔවුන් 593 පාබසේමු විසින් පිළිගන්වන ලද තේ පැන් සංග්‍රහයක් භුක්ති විදින ලදි. ඉන් අනතුරුව වෙල්ලමුලවයික්කාල් විජයග්‍රාහි රණවිරු ස්මාරකය සහ එල්ටිටිඊ ත්‍රස්ථවාදී නායකයා මිය ගිය වෙල්ලමුල්ලවෛයික්කාල් කඩොලාන කලපුව නරඹන ලදි.
ඉන් අනරතුර 591 පාබසේමු අයත් වඩ්ඩුවාකල් පාලම සහ මුලතිව් කලපු ප්‍රදේශය නරබා 10 ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් Green Jacket නිවාඩු නිකේතනයෙහි ආබාධිත රණවරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබු සුහද හමුව සහ දිවා ආහාරය ලබා ගන්නා ලදි.