Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st July 2025 09:43:03 Hours

තිස් වසරක් පැවැති කුරුරි යුද්ධයේදි මියගිය හා රණක්‍ෂිතයට පත් සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීම

ශ්‍රී ලංකාද්වීපය තුළ තිස් වසරක් පුරා පැවති එල්ටීටීඊ බෙදුම්වාදි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරාගැනීම වෙනුවෙන් යුද්ධයේදි දිවි පිදු රණවිරුවන් හට පිං පැමිණවීමේ අරමුණින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් මෙන්ම දැනට සේවයේ නියුතු සියලුම රණවිරුවන් හට සෙත් පැතීමේ අරමුණින් 2025 ජුනි මස 23 වන දින 56 පාබල සේනාකංකයේදි සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වන ල

56 වන පාබල සේනාංකය 1997 ඔක්තෝබර් මස 17 වන දින එවකට පැවැති ජයසිකුරු මෙහෙයුම අතරතුර කනගරායන්කුලම් ප්‍රදේශයේදි පිහිටුවන ලදී. දැනට මෙම සේනාංකය ස්ථානගතව සිටින කොක්එළිය ප්‍රදේශය ඇතුලත්ව තාංඩිකුලම් සිට ඕමන්තෙයි දක්වා 1997 ජුනි මස 10 දින සිට 23 දින දක්වා පැවැති අධි ක්‍රියාන්විත තත්වය මත මෙම ප්‍රදේශයේදි විශාල රණවිරුවන් ප්‍රමාණයක් දිවි පුදා ඇති අතර, තවත් විශාල රණවිරුවන් ප්‍රමාණයක් රනක්‍ෂිතයට පත්ව ඇත. දශක තුනකට ආසන්න කාලයක් පැවැති එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට මේ වන විට වසර 16 කට වැඩි කාලයක් ගත වී ඇති මොහොතක 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම සහ නායකත්වය යටතේ මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා වැඩසටහන සිදුකරන ලදී.

56 පාබල සේනාංකය යටතේ පාලනය වන 561, 562, 563 යන පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, අනෙකුත් සියලුම නිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් සහයෝගය සහ කැපකිරීම් තුළින් මෙම ආගමික වැඩසටහන ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.