Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st July 2025 09:39:59 Hours

ජාතික "පිරිසිදු ශ්‍රී ලංකාව" මුලපිරීමට සමගාමීව, 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන්, දේශීය පුරවැසියන් සමඟ එක්ව, මුන්දලම්පිඩ්ඩි වෙරළබඩ ප්‍රදේශයේ දිරාපත් නොවන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ප

541 පාබල බලසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම යටතේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මුහුදු සහ වෙරළ පරිසර පද්ධති ආරක්ෂා කිරීම, දූෂණය අවම කිරීම, ස්ථිර පරිසර හිතකාමී පුරුදු වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, එම්එන්-03 මුන්දලන්පිඩ්ඩි ග්‍රාමසේවා වසමේ මුදලන්පිඩ්ඩි වෙරළ තීරයේ නොදිරන කැළි කසල ඉවත් කිරිමේ වැඩසටහනක් 2025 ජුනි මස 29 වන දින 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේපීයූ කුමාර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධික්‍ෂණය යටතේ සිදු කරන ලදි.