Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th June 2025 15:53:16 Hours

54 පාබල සේනාංක භට පිරිස් විසින් නික්ම යන සේනාංකාධිපතිතුමන් හට ගෞරවණීය සමුගැනීමක් ලබා දෙයි

විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත 2025 ජූනි මස 27 වන දින 54 වන පාබල සේනාංක පරිශ්‍රයේදී 54 වන පාබල සේනාංකයෙහි රාජකාරී කර නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි පි හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ සමු දෙන ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව මේජර් ජෙනරාල් චමින්ද විජයරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත කදවුරු මුරයක් පිරිනමන ලද අතර දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහි කිරීම සදහා උපහාර දැක්විය. අනතුරුව 8 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදි.

පසුව ඔහු තම කාර්යාලයේ රාජකාරි භාරදීම සනිටුහන් කරන නිල ලේඛනයකට තම අත්සන තැබූ අතර, නික්ම යන සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. ඉන් අනතුරුව, නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනමන ලද අතර, එතුමන් සියලු භට පිරිස් අමතන ලදි. අවසානයේ සියළුම නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ සේනාංකාධිපතිතුමන් තම සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් භට පිරිස් වෙත සිය අවංක කෘතඥතාව පළ කරන ලදි.

541, 542 සහ 543 පාබල බලසේනාවල බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.