22nd June 2025 11:49:49 Hours
213 පාබල බළසේනාවේ බළසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ 2025 ජුනි මස 15 වන දින ගජසිංහපුර සැල්වටෝරියන් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් සඳහා විශේෂ දිවා ආහාර වේලක් සහ තෑගි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලිනියක් වන ඩබ්ලිව් අජන්තා අශෝකා මහත්මියගේ නොමසුරු සහයෝගය ලැබුණු අතර, ඇය 213 වන පාබල බළසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ එක්ව මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලදි.
එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් හට ප්‍රීතිය සහ දිරිගැන්වීම මේ තුලින් ගෙන දුන් අතර, එය ප්‍රජා සුභසාධනය සඳහා බළසේනා මූලස්ථානයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.