Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd June 2025 11:31:32 Hours

10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදි

561 වන පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එම් එස් පී බණ්ඩාර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී එන් ටී ද සොයිසා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ 2025 ජුනි මස 16 වන දින පාලිනගර් කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන පවත්වන ලද අතර, මෙම වැඩසටහනේ මූලික අවධානය යොමු වූයේ රටේ දිගුකාලීන සාමය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ජීවිත පූජා කළ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමයි.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සදහා 56 වන පාබල සේනාංකය යටතේ පාලනය වන පාබල බළසේනා සහ ඒකකයන් වෙතින් යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන ලදි.