Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th June 2025 08:56:30 Hours

543 පාබල බලසේනාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීම.

මව්බිමේ සාමය උදෙසා ජිවිත කැපකල ශ්‍රී ලාංකිකයන් සිහි කිරිම වෙනුවෙන් සහ ජාත්‍යන්තර රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනයට සමගාමිව 543 වන පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2025.06.14 වන දින මන්නාරම් දිස්ත්‍රීක් මහ රෝහලේදී පැවැත්විය. මේ සඳහා 54 පාබල සේනාංකය නියෝජනය කරනු ලබන නිළධාරීන් හා සෙසුනිළයින් 125 කට ආසන්න පරිසකක් ස්වේඡ්චාවෙන් සහභාගි වුහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිධාරිතුමන් සහභාගි වු අතර මාන්නාරම ප්‍රාදේශිය ලේකම් එම් ප්‍රදීපන් මහතා මෙහි ගෞරවනීය ආරාධික අමුත්තන් වශයෙන් සහභාගි වන ලදි.

මෙම වැඩසටහන ආරම්භයේදී මව් බිමේ සාමය උදෙසා ජිවිතය කැප කල ශ්‍රීලාංකිකයින් සිහි කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද තාවයක් පැවැත්වීය. පසුව රුධිරය පරිත්‍යාග කිරිමේ අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ දැනුවත් කිරිමක් මන්නාරම දිස්ත්‍රීක් රෝහල් අධ්‍යෂ වෛද්‍ය එම්එච්එම් අශාත් මහතා විසින් සිදු කරන ලදි.

543 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් එච්එස්ඩබ්ලිව්කේ ගල්හේනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ පැවති මෙම වැඩසටහන සඳහා එලායන්ස් ෆිනෑන්ස් පුද්ගලික සමාගම වෙතින් අනුග්‍රාහක දායකත්වය ලබා දෙමින් එහි මන්නාරම ශාඛා කළමණාකරු ඒඑන්ඒ රෝයී මහතාද සහභාගි වන ලදි.