15th June 2025 16:39:28 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් ඩබ්ලිව් බී ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත පොසොන් පොහොය දිනට සමගාමීව වන්දනාමාන කිරිමට පැමිණෙන සැදැහැවතුන් උදෙසා කොස් දන්සලක් 2025 ජුනි මස 10 වන දින 21 පාබල සේනාංක කඳවුර ඉදරිපිට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් හා සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා බැතිමතුන් 3000 කට ආදික පිරිසක් සහභාගි වුහ.