15th June 2025 16:37:50 Hours
රටේ සාමය උදාකිරිම වෙනුවෙන් ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයින් සිහිකිරිම සෑම වර්ෂයකම මැයි මාසය තුල සිදුකරනු ලබන අතර, ඒ වෙනුවෙන් 6 ශ්‍රිලංජාආබමු ඒකක බළප්‍රදේශය තුල ජිවත්වන අඩුආදායම් ලාභි සිවිල් වැසියන් සදහා වියලි සලාක බෙදාදිමේ වැඩසටහනක් 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආර්ච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 593 පාබල බළසේනාධිපති කර්නල් ඩබ්ලිව්එම්අයියුබි වීරසේකර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 6 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේඑන්සි ද සිල්වා ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ අනන්දපුරම්, මලිගතිව්, මුල්ලිවෛකාල් බටහිර හා තේවිපුරමි යන ග්‍රාම වසම් ආවරණය වන පරිදි 2025.06.13 වන දින සිදු කරන ලදි.
උක්ත වැඩසටහන සඳහා මෙම ඒකක අණදෙන නිලධාරි මේජර් කේඑන්සි ද සිල්වා ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළුව 02 x 03 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා අනන්දපුරම්, මලිගතිව්, මුල්ලිවෛකාල් බටහිර හා තේවිපුරම් යන ග්‍රාම වසම් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභි පවුල් 05 ක් සදහා එම අයවළුන්ගේ නිවස් පරිශ්‍රයන් වෙත ගොස් වියලි සලාක ලබා දීම සිදු කල අතර, එම වැඩසටහන සදහා එම පවුල් හි සාමාජිකයින් සහභාගි වන ලදි.