Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th June 2025 16:35:27 Hours

වට්ටප්පල කණ්නගි අම්මාන් කෝවිලෙහි වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයෙහි බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සැපයීම

වට්ටප්පලෙයි කණ්නගි අම්මාන් කෝවිලෙහි වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය 2025.06.06 වන දින සිට 10 වන දින දක්වා හාර ලක්‍ෂයකට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. මේ සඳහා 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ මගපෙන්වීම යටතේ, 59 පාබල සේනාංකය විසින් කෝවිලෙහි උත්සවය සඳහා පැමිණෙන ලද බැතිමතුන් වෙත කොත්තමල්ලී සහ බනිස් දන්සලක් 2025.06.09 වන දින දවස පුරා පවත්වන ලද අතර, ඔවුන් හට වෛද්‍ය පහසුකම් ලබා දීම සඳහා වෛද්‍ය සහ හෙඳ කාර්ය මණ්ඩලයක් සමග ප්‍රථමාධාර කඳවුරක් 2025.06.06 වන දින සිට 10 වන දක්වා පවත්වන ලදි.