15th June 2025 16:33:25 Hours
රටේ සාමය උදාකිරිම වෙනුවෙන් ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයින් සිහිකිරිම සෑම වර්ෂයකම මැයි මාසය තුල සිදුකරනු ලබන අතර, ඒ වෙනුවෙන් මෙම ඒකක බළප්‍රදේශය තුල ජිවත්වන අඩුආදායම් ලාභි සිවිල් වැසියන් සදහා පොල් පැල බෙදාදිමේ වැඩසටහනක් 59 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ආර්එන් හෙට්ටිආර්ච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 593 පාබල බළසේනාධිපති කර්නල් ඩබ්ලිව්එම්අයියුබි වීරසේකර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 6 වන බළඇණිය ගැමුණුහේවා බළකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිජිඑන් විජේසුරිය ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ සුගන්දිපුරම් ග්‍රාම නිලධාරි කාර්යාල භුමියේදි 2025.06.12 වන දින සිදු කරන ලදි.
උක්ත වැඩසටහන සඳහා මෙම ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිජිඑන් විජේසුරිය ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළුව 01 x 10 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා සුගන්දිපුරම් ග්‍රාම නිලධාරි උදය පවානි නාමලා මහත්මිය ඇතුළු සිවිල් වැසියන් 20 ක පමණ ප්‍රමාණයක් සහභාගි වන ලද අතර, එහිදී අඩු ආදායම්ලාභි පවුල් 15ක් වෙත පොල් පැල 150 ක ප්‍රමාණයක් බෙදාදෙන ලදි.