15th June 2025 15:15:02 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සී පී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ 541, 542 සහ 543 බළසේනාධිපතීන්, ඒකක අණදෙන නිළධාරීන් ඇතුලු සියලුම සෙබලුන්ගේ පූර්ණ කැපවීම, දායකත්වය මත “මන්නාරම පොසොන් කළාපය 2025 ” ජූනි මස 10 වන දින 54 වන පාබල සේනාංක මූලස්ථානය අසල තල්ලඩි මංසන්දියේදී විවෘත කරන ලදි.
මෙම පොසොන් කලාපය ප්‍රදේශයේ සියලු ආගමික, පූජ්‍ය පක්ෂ නායකයින්, නාවික හමුදාව සහ පොලීසිය මෙන්ම සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කරන ලදි. මෙම පොසොන් කලාපය අලංකාරවත් පහන්කූඩු ප්‍රදර්ශණයක්, මිහින්තලා අනුරුවක්, විචිත්‍රවත් තොරණක්, බැති ගී සරණියක් සහ බත් දන්සැලක් ආදී අංග රැසකින් සමන්විත විය. එදින එම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී විය. තවද මෙම උත්සවය 2025 ජුනි මස 11 සහ 12 යන දින පවත්වන ලදි.