05th June 2025 15:48:06 Hours
මන්නාරම දිස්ත්‍රික්කයේ සිවිල් තරුණ තරුණියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර, ක්‍රිඩා කෞශල්‍යයන් ඉහල නැංවීමේ අරමුණ පෙරදැඩි කරගත් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒඑම්සිපි විජයරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්විම යටතේ, 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු 541 පාබල බලසේනාව යටතේ රාජකාරී සිදුකරනු ලබන ඒකකයන් හි සංවිධාන ශක්තියෙන් මන්නාරම් දිස්ත්‍රික්කය වෙත අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 05 ආවරණය වන පරිදි ක්‍රීඩා කණ්ඩායම් 05 සහ යුද්ධ හමුදාව වෙතින් ක්‍රීඩා කණ්ඩායම් 02 ක් සහභාගී කරමින් ‘වන්නි ආක්‍ෂක සේනා ආඥාපති කුසලාන වොලිබෝල් තරගාවලිය - 2025’ 2025.05.20 දින මන්නාරම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. එහි අවසන් වටයේ තරගය සඳහා 54 පාබල සේනාංකයේ ‘ඒ’ කණ්ඩායම සහ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර, 2025.06.04 වන දින මන්නාරම නගර සභා ගෘහස්ත ක්‍රිඩාගාරය තුලදී පවත්වන ලදි.
ඒ සදහා, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සහ මන්නාරම දිස්ත්‍රික් දිසාපති කේ. ක්නකේෂ්වරන් මහතාගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. එහිදී, 54 පාබල සේනාංකයේ ‘ඒ’ කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.
මෙම වොලිබෝල් තරගාවලියට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ තරුණ කාන්තාවන් අතර වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සහ ඒ පිලිබද අත්දැකිම් ලබාදීමේ අරමුණ ඇතිව ප්‍රදර්ශණාත්මක තරගයක් එදිනම අවසන් මහා තරගයෙන් පසු පවත්වන ලදී. ඒ සඳහා මන්නාරම් දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම සහ යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සහභාගී වූ අතර, තරගාවලිය අවසානයේ ජයග්‍රාහී කණ්ඩායමට සහ අනුශූරතාවය ලබාගත් කණ්ඩයම් හට කුසලාන, පදක්කම්, සහතික පත් සහ මුදල් ත්‍යාග පිරිනමන ලදී.