Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th May 2025 12:23:25 Hours

542 පාබල බළසේනා මුලස්ථානය විසින් “පිරිසිදු ශ්‍රී ලංකාවක්” (Clean Sri Lanka) වැඩසටහන යටතේ ජල මාර්ග පද්දතියක් ප්‍රථිසංස්කරණය කිරීම

ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව “පිරිසිදු ශ්‍රී ලංකාවක්” (Clean Sri Lanka) ව්‍යාපෘතියට සමගාමීව 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි පි විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ 542 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ ආර් ඩබ්ලිව් චන්දන අසුරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 542 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් එම් වී ප්‍රනාන්දු ශ්‍රිලංජාඅබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධීකරණයෙන් සහ 542 පාබල බළසේනා මුලස්ථානයේ බලසේනා මේජර් මේජර් එච් වී බී සී එම් හෑදෙණිය පීඑස්සී ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි අතුළුව 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්, සිවිල් වැසියන් සහ රජයේ ආයතනයන්හී කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව 2025 මැයි මස 25 වන දින යෝධ වැවේ සිට මන්තෝට්ටම් ගම්මානයේ කුඹුරු යාය දක්වා දිවෙන තීරණාත්මක ජල මාර්ගයක් පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.

“පිරිසිදු ශ්‍රී ලංකාවක්” (Clean Sri Lanka) ව්‍යාපෘතිය පළිබද දැනුවත් කිරිමේ දේශණයක් පැවැත්වීමෙන් පසු ආරම්භ වූ මෙම වැඩසටහනට සදහා යුද්ධ හමුදාවේ භට පිරිස් 08x30 ක් සිවිල් වැසියන් 30 ක් සහ රජයේ ආයතනවල කාර්ය මණ්ඩලයද සහභාගී වූ අතර, මහා පරිමාණ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. සමුච්චිත අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ජලයේ ස්වාභාවික ප්‍රවාහය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බර යන්ත්‍රෝපකරණ සහ මිනිස් ශ්‍රමය යන දෙකම භාවිතා කරන ලදී.

කළාපයේ කෘෂිකාර්මික ඉඩම්වලට ජලය සැපයීම සඳහා අත්‍යවශ්‍ය වූ ජල මාර්ගය කාලයත් සමඟ සුන්බුන් අධික ලෙස වැඩුණු වෘක්ෂලතා සහ අපද්‍රව්‍ය වලින් වැසී ගොස් තිබු මෙම ජල ප්‍රවාහය කුඹුරුවලට ජලය සැපයීම මෙන්ම දේශීය ගොවීන්ගේ ජීවනෝපායන්ට ද තර්ජනයක් වි තිබු මෙම ජල මාර්ග පද්දතිය පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම පිලිබදව මාන්තෝට්ටම්හි පදිංචිකරුවන් සිය කෘතඥතාව පළ කරන ලදි.