29th May 2025 12:19:51 Hours
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම සහ සංකල්පයකට අනුව 59 වන පාබල සේනාංකය යටතේ පාලනය වන පාබල බලසේනා සහ ඒකකයන්හි සහය ඇතිව 2025 මැයි මස 20 වන දින සිට 2025 මැයි මස 24 වන දින දක්වා රෙජිමේන්තු ගිණුම් තැබීමේ පුණරික්‍ෂණ පාඨමාලාවක් පවත්වන ලදි.
රෙජිමේන්තු ගිණුම් තැබීම පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසුනිලයින් 58 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 59 වන පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදි. ඒ සඳහා නිලධාරි 02 ක් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 05 දෙනෙකුගේ උපදේශක සහය ලබා ගන්නා ලදි.
මෙම පාඨමාලාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රෙජිමේන්තු ගිණුම් තැබීමේ පරික්‍ෂණයෙන් වැඩි පිරිසක් සමත් කරවීමත් ගිණුම්කරණයේදී සියළු ගිණුම්කරණ ප්‍රථිපත්ති/ක්‍රියා පටිපාටි, නිරීක්ෂණ අවම කිරීමත්, ගිණුම්කරණය පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම, යෙදුම්, ස්ථාන පරීක්ෂණ සහ විවිධ ඇගයීම් ක්‍රම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විගණන අංශයට අනුකූලව ඇතුළත් කිරීම පිළිබඳ දැනුමක් ලබා දීමත් වේ.
මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය කුට්ටිගල ගිණූම්කරණ පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක බනි 1 ජේඑම්එස්එස් බණ්ඩාර විසින් ගිණුම් විෂය පිළිබඳ මනා දැනුමක් ලබාදුන් අතර, එය සියළු දෙනා අගය කරන ලදි.