27th May 2025 11:21:56 Hours
4 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමෙින්තුවේ නිලධාරි 09 ක් සහ සෙසුනිලයින් 354 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් පැවති සාමුහික බළඇණි පුහුණු පාඨමාලාව 2025 මාර්තු මස 17 වන දින සිට මැයි මස 19 වන දින දක්වා පාබල බළඇණි පුහුණු පාසල ආලංකුලම වෙතින් සාර්ථකව හදාරන ලදි. තවද 543 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එච් එස් ඩබ්ලිව් කේ ගල්හේනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 අප්‍රේල් මස 29 වන දින පාඨමාලා අධික්‍ෂණය සදහා සහභාගිවු අතර, ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මැයි මස 09 වන දින බළඇණි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. බළඇණි පුහුණු පාඨමාලාවේ අවසානය සනිටුහන් කරමින් සමාප්ති දේශණය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි පි විජයරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගිවු අතර, පාඨමාලාවේ නිලධාරි සහ සෙසුනිලයින්ගේ දක්ෂතා පහත සදහන් පරිදි වේ.
• හොදම ශාරිරික යෝග්‍යතාවය හිමි සෙබලා :- පාසෙ මදුවන්ත ආර්ඩිඑච්එන්
• දක්ෂතම වෙඩික්කරු :- පාසෙ වීරසිංහ ඩබ්ලිව්ඒපි
• හොදම පෙළ අණදෙන්නා :- කෝප්‍රල් සේනාරත්න එස්යුඩි
• හොදම කණ්ඩායම :- බී කණ්ඩායම
• සෑම අතින්ම අතිශූර සෙබළා :- ලුතිතන් ආර්ඩිවිපිටි රාජපක්‍ෂ