Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th May 2025 20:14:53 Hours

5 වන (ස්වේච්ඡා) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

5 වන (ස්වේච්ඡා) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2025 මාර්තු මස 17 සිට මැයි මස 19 දින දක්වා ගල්කුලම පාබල බලඇණි පුහුණු පාසලේදි පැවැත්විණි. සමාප්ති උත්සවය සදහා සහභාගි වු 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. පි. ඩබ්ලිව්. ඩබ්ලිව්. බි. ආර්. පාලමකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි සාමාප්ති දේශනය සිදු කරමින් භඨපිරිස් පුහුණුවේ ඇති වැදගත්කම පිළිබද අවධාරණය කළේය. සමාප්ති උත්සවය සදහා 211 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටි.ඩි.පි සිරිවර්ධන පිඑස්සි,ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි හා 21 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. බලඇණි පුහුණුව සදහා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නිලයන් 410 දෙනෙකු සහභාගි වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් පහත පරිදි වේ. ‍

• පාඨමාලාවේ දක්ෂතම සිසුවා: ලා/කෝප්‍රල් විජේතුංග ඩබ්ලිව්එස්කේ - ඒ කණ්ඩායම

• දක්‍ෂතම වෙඩික්කරු: කෝප්‍රල් දිසානායක ඩීඑම්ආර්එස් - බී කණ්ඩායම

• හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා: පාසෙ තිලකරත්න ටීටීපී - බී කණ්ඩායම

• හොදම පෙළ අණදෙන්නා: කෝප්‍රල් ජයතිලක එච්ඩබ්ලිව්එස්ඩී - ඒ කණ්ඩායම

• දක්‍ෂතම කණ්ඩායම: ‘බී’ කණ්ඩායම

• සමස්ථ ප්‍රතිශතය: 72.07%