Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th May 2025 15:29:39 Hours

ආරක්සක සෙනා (වන්නි) ආඥාපතිතුමන් අනුරාධපුර ‍ඓතිහසික සිද්ධස්තාන වැදපුදා ගනී

2025 05 15 දින ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සදහිරු සෑ මළුව වෙත පැමිණ වන්දනා මාන කරන ලදි .එදින සුභ මොහොතින් සදහිරු සෑ දක්ෂින දොරටුව අභියස තැන්පත් කරන ලද සමාධි බුදු පිළිම අනුරුව නිරාවරන කිරිම ආරක්ෂක සේනා (වන්නි) ආඥාපතිතුමන් අතින් සිදුවිය.

මේ සදහා සේනාංකාධිපති 21 පාබල සේනාංකය, බලසේනාධිපති 212 පාබල බලසේනාව හා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සදහිරු සෑ කාර්ය මණ්ඩලය හා පැමිණි සිටි බැතිමතුන් විශාල පිරිසක් සහාභාගි වුහ.

මින් අනතුරුව ආඥාපතිතුමන් ආරක්ෂක සේනා (වන්නි) බලප්‍රෙදේශයේ පිහිට් තවත් ඓතිහාසික වැදගත් කමකින් විහරස්ථාන වන මිරිසවැටිය, ජෙතවනාරාමය, ජයන්ති විහාරය, රැස් වෙහෙර ආරන්‍ය සේනාසනය යන විහාරස්ථාන වැද පුදා ගත් අතර එම වෙහෙර විහාර භාරව වැඩ වාසය කරනු ලබන නායක ස්වාමින් වහන්සේලා බැහැදැක අශිර්වාද ලබා ගත්හ.