16th May 2025 18:36:52 Hours
212 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඑම්පී බාලසූරිය ආර්එස්පී ගේ මඟ පෙන්වීම සහ 212 පාබල බලසේනාවේ රාජකාරි සිදුකරනු ලබන නිලධාරීන්ගේ හා භටපිරිස්ගේ දායකත්වයෙන් සාලියපුර සතුටු ළමා නිවාසයේ රැකවරණය ලබන ළමුන් 29 දෙනෙකු සදහා 2025.05.12 වන දින රාත්‍රි අහාරය සහ ළමුන් ගේ ප්‍රයොජන සදහා අත්‍යව්‍ය සනිපරක්ෂක ද්‍රව්‍ය බෙදාදිම සිදුකරන ලදි.තවද 2025 මැයි මස 13 වන දින වෙසක් සැමරුමට සමගාමිව 212 පාබල බළසේනා මුලස්ථානය විසින් කොත්තමල්ලි දන්සලක් සංවිධානය කරන ලදි. මෙම වෙසක් දන්සල හා පුණ්‍ය කර්මය සදහා පුර්ණ දායකත්වය සැපයිම බළසේනා මුලස්ථානයේ සියළු අයවළුන්ගේ පුද්ගලික දායකත්වයෙන් සිදුකරණ ලදි.