Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th May 2025 12:20:26 Hours

2025 වසරේ වෙසක් උත්සවය - මාතොට රජමහා විහාරයේදී පවත්වන ලදි.

54 වන පාබල සේනාංක මුලස්ථාන බලප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික මාතොට රජමහ විහාරස්ථානයේදී වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්, බෝධි පුජා පිංකමක්, වෙසක් දන්සල් අතුළුව සංස්කෘතික අංගයන්ගෙන් සමන්විතව 2025 මැයි මස 12,13 සහ 14 යන තෙදින තුල මෙම උත්සවය 54 පාබල සේනාංකයට අයත් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය සමඟ එකමුතුවෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි.

මෙම වෙසක් උත්සවය බෞද්ධ සම්ප්‍රධායන්ට අනුව සංවිධානය කිරිමේදි 54 පාබල සේනාංකය සහ යටතේ ඇති පාබල බසේමු සහ ඒකකයන් හි සියළුම භට පිරිස් හි සභාගීත්වයෙන් යුතුව සංවිධානය කරනු ලැබු අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපතිතුමන් සහභාගි විය. තෙදිනක් තුල පැවැති මෙම උත්සවය සදහා යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිළයන් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වන ලදි.