Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th May 2025 11:13:28 Hours

වව්නියාව වෙසක් කලාපය - 2025 සදහා ආරක්සක සෙනා (වන්නි) දායකත්වය දක්වයි

වව්නියාව බෝධි දක්ෂිණාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුසාසකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන වව්නියාව වෙසක් කලාපය සදහා මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ආරක්ෂක සේනා (වන්නි) ආඥාපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක සේනා (වන්නි) බළප්‍රදේශයේ ස්ථාපිත පාබල සේනා හා ඒකකයන් විසින් පූර්ණ දායකත්වය ලබාදෙන ලදී. වව්නියාව දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ මූලිකත්වයෙන් වව්නියාව බෝධි දක්ෂිණාරාම විහාරසථානය කේන්ද්‍ර කර ගනිමින් මෙවරත් වව්නියාව වෙසක් කලාපය 2025.05.12 දිනට යෙදී තිබූ වෙසක් පුර පසළෙස්වක් පොහෝ දින ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසින් ආරම්භවූ වෙසක් පහන් කූඩූ ප්‍රදර්ශනය වව්නියාව බෝධි දක්ෂිණාරාම විහාරස්ථානය තෙක් ඒ 9 මාර්ගය දෙපස ස්ථාපිත කර ඇත. මේ ස‍දහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් අලංකාර කූඩූ විශාල ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබුණි.

වෙසක් කලාපය ආරම්භවූ 2025.05.12 දින එය නැරඹීමට පැමිණි බැතිමතුන් වෙත ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) මගින් ඔසු පැන් දන්සලක් පවත්වන ලදී.

වෙසක් කලාපය සදහා මෙවරත් වව්නියාව බෝධි දක්ෂිණාරාම විහාරස්ථානය අලංකාර භක්ති ගීත සන්දර්ශනයක් පැවැත්විය. මේ සදහා වව්නියාව ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් වල ළමුන් විසින් සිංහල හා දෙමළ මාධ්‍ය භාෂාවන්ගෙන් ගැයුනු බුදුගුණ ගී ඇතුලත්විය. මෙය විවිධ ජාතීන් හා විවධ ආගම් අතර සාමය හා සංහිදියාව සංවර්ධනය කිරීම සදහා දායක වූ වටිනා අවස්ථාවක් විය.

තවද වව්නියාව දිස්ත්‍රික් ලෙඛම් කාර්යාලය, ප්‍රාදේශීය ලේඛම් කාර්යාල, තරුණ බෞද්ධ සංගමය, ප්‍රදේශයේ විහාරස්ථාන දායක සභාවන් හා වව්නියාව නගරයේ වෙළද සංගමය ද ඇතුලත්ව දායකත්වය දක්වන ලද මහා බත් දන්සල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනගි සංවිධානයෙන් පවත්වන ලදී.