15th May 2025 09:16:26 Hours
මේ දිනවල රට තුල පවතින ආර්ථික අපහසුතාවය මත වව්නියාව දිස්ත්‍රික්කයේ දැඩි ආර්ථික අපහසුතාවන් මත්තේ ඉගැන්විම් කටයුතු සිදුකරනු ලබන පාසලක් වන ව/මහමයිලන්කුලම් විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් 69 ක් සදහා පාසල් උපකරණ ඇතුලත් ත්‍යාග පාර්සල් 69 ක් සහ පාසල් ළමුන් වෙනුවෙන් විනෝද ක්‍රිඩා තරඟ ඉසව් සහ පාසල් සිසුන්, ගුරුභවතුන් වෙනුවෙන් දිවා ආහාර වේලාක් ලබාදිමේ වැඩ සටහනක් 2025 මැයි මස 12 වන දින 0930 පැයේ සිට 1400 පැය දක්වා එම විද්‍යාලයේදි පවත්වන ලදි.
මෙම වැඩ සටහන පැවැත්විම සදහා මෙම ඒකකයේ රාජකාරි නියුතුව සිට දැනට විශ්‍රාම ලබා සිටින මේජර් එන්එස්එල්එම් ලංකාපුර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් සහ 563 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්,563 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි තුමන්ගේ සහ 7 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තුමන්ගේ උපදෙස් සහ මගපෙන්විම මත සහ හුස්ම සමුහය නැමති සමාජ සත්කාර සාමාජිකයින්ගේ මුල්‍යමය අනුග්‍රහයෙන් මෙම පාසල් උපකරණ සහ දිවා ආහාර ලබාදිමේ කටයුතු සිදුකරන ලදි.
මෙම අවස්ථාව සදහා හුස්ම සමුහයේ සභාපති වන එස්එම්සි සමරසිංහ මහතා ඇතුළු සමාජ සත්කාරක සාමාජිකයින් පිරිස 563 පාබල බලසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩිආර් තාරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් , 7 වන බල ඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් කේඑම්ඩිපිපිකේ කන්කාණිගේ ආර්ඩබ්පී .