13th May 2025 11:37:58 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මැයි 07 වන දින අනුරාධපුර යුද්ධ හමුදා මූලික රෝහලේ නිළ සංචාරයක නිරත විය. එහි පැමිණි අවස්ථාවේදී රෝහලේ අණදෙන නිලධාරී විසින් ආඥාපති තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර අණදෙන නිලධාරී විසින් යුද්ධ හමුදා මූලික රෝහලේ කාර්යභාරයන්, වගකීම් සහ අඛණ්ඩ කාර්යයන් විස්තර කරමින් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති තුමන් යුද්ධ හමුදා ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් පරිශ්‍රයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. විශේෂයෙන් අභියෝගාත්මක තත්වයන් යටතේ රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවූ සේවය සහ කැපවීම වෙනුවෙන් ආඥාපති තුමන් ඔවුන්ට ප්‍රශංසා කළේය.
මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් සදහා පෙනි සිටි අතර, වැඩසටහන අවසානයේ ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති තුමන් විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබීය.