13th May 2025 11:33:12 Hours
නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සඳහා නව ටෙනිස් පුහුණු වැඩසටහනක් 2025 මැයි 08 වන දින උදෑසන ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) හි ප්‍රතිසංස්කරණය කරන ලද ටෙනිස් පිටියේදී ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති තුමන්ගේ උපදෙස් මත ටෙනිස් පිටිය ප්‍රතිසංස්කරණය කර ආරම්භ කරන ලද අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරීගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. දින කිහිපයක් පුරා සිදු කරන ලද ප්‍රතිසංස්කරණය සුදුසුකම් ලත් උපදේශකයන්ගේ වෘත්තීය සහය ඇතිව නිම කරන ලදි.
ආරක්‍ෂක සේනා (වන්නි) කදවුරේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සඳහා නිර්මාණය කර ඇති ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතාවය කෙරෙහි නව අවධානයක් යොමු කිරීමේ ආරම්භය මෙම පුහුණු වැඩසටහන මගින් සනිටුහන් වේ. ව්‍යුහගත ටෙනිස් පුහුණු සැසි හරහා ශාරීරික විඳදරාගැනීම වැඩි දියුණු කිරීම, විනය ප්‍රවර්ධනය කිරීම සහ සුහදතාවය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.