13th May 2025 11:29:16 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025 මැයි 07 වන දින අනුරාධපුර “අභිමංසල - 1” හි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසිම සදහා එහි සංචාරයක නිරතවිය.
21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් ඩබ්ලිව් බී ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, භකාස අණසක (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ටී ඒ පීරිස් පීටීඑස්සී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රථමයෙන් “අභිමන්සල – 1” හි සුවතා පහසුකම් නිරීක්‍ෂණය කළ අතර, මෙම සංචාරයේදී ආබාධිත රණවිරුවන්ගේ යහපැවැත්ම පිළිබඳව පෞද්ගලිකව සොයා බැලූ අතර, ඔවුන්ට කෘතඥතාව පළ කිරීමක් ලෙස විශේෂ තෑගි පාර්සල් ප්‍රධානය කරන ලදි.
සිය සංචාරය අවසන් කිරීමට පෙර ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති තුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, ජාතියේ සැබෑ වීරයන්ගේ ධෛර්යය හා පරිත්‍යාගය අගය කලහ.