Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th May 2025 11:00:49 Hours

7 වන (ස්වේච්ඡා) රෙජිමේන්තු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වන ලද ප්‍රජා සුභසාධන වැඩසටහන

212 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඑම්පී බාලසූරිය ආර්එස්පී ගේ මඟ පෙන්වීම මත සහ 7 වන (ස්වේ) ශ්‍රිලසසබ ඒකක අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ පුජ්‍ය කැලේගම රතනවිසුද්ධි හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් කැකිරාව ගනේවල්පොල මාර්ගයේ පිහිටි සුවසරණ ආබාධිත නිවසේ රැකවරණය ලබන අයවලුන්ගේ සුභසාධනය වෙනුවෙන් එහි ගොඩනැගිලි අලුත්වැඩියා කිරිම සදහා රු 80000.00 ක් වටිනා අවශ්‍ය අමුද්‍රව්‍ය බෙදාදිමේ වැඩසටහනක් 2025.මැයි මස.08 වන දින සිදුකරන ලදි.

මෙම වැඩසටහන 7 (ස්වේ) ශ්‍රිලසසබ ඒකක අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා ඒකක භටපිරිස්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.