Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th May 2025 12:21:09 Hours

වෙසක් උත්සවය වෙනුවෙන් 59 වන පාබල සේනාංකය විසින් වැඩසටහන් මාලාවක් පවත්වයි

59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී මහතාගේ නායකත්වය යටතේ, එළඹෙන වෙසක් පොහොය දිනය සැමරීම සඳහා අධ්‍යාත්මික සංවර්ධන මාලාවක් සාර්ථකව සංවිධානය කරන ලදී. මෙම උත්සව මුලතිව් දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම නිලයන්ගේ මානසිකත්වය ඉහල නැංවීම සහ ප්‍රබෝධමත් කිරීම අරමුණු කර ගෙන ඇත.

මෙහි ආරම්භයක් වශයෙන්, 2025 මැයි 10 වන දින පැය හතරක් පුරා අභිප්‍රේරණ දේශනයක් පවත්වන ලදී. භට පිරිස්වල අභ්‍යන්තර යහපැවැත්ම සහ අධ්‍යාත්මික අධිෂ්ඨානය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද මෙම දේශනය ගෞරවනීය පූජ්‍ය මඩුකන්දේ හිමිපානන් විසින් පවත්වන ලදී. උන්වහන්සේගේ ප්‍රඥාව, සහභාගී වූ සැමට මිල කළ නොහැකි මඟ පෙන්වීමක් සහ ආශ්වාදයක් ලබා දුන්නේය.

මෙම වැඩසටහන සදහා 1,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා 591, 592 සහ 593 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්ගේ දැඩි කැපවීම හා උත්සහයත් එම බළසේනා යටතේ ඇති ඒකකයන්හි අණ දෙන නිලධාරීන්ගේ දක්ෂ මඟ පෙන්වීමත් හේතු විය. තවද 59 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්ගේ කැපවීමත් සියලුම පාබල බලඇණි අතර එකමුතුකම සහ සම්බන්ධීකරණයත් හේතුවෙන් ඉතා සාර්ථක වැඩ සටහනක් පැවැත්වීමට හැකිවිය.

වැඩසටහන ආරම්භයේ සිට සහභාගිවූ සියලුම දෙනා හට සංග්‍රහ කිරීම ඇතලු උත්සව කටයුතු විදිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා සැපයුම් අංග ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

මේජර් ජෙනරාල් ඩී ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පීගේ දූරදර්ශී නායකත්වය පිළිබිඹු කරමින් මෙම අර්ථවත් වැඩසටහන 59 වන පාබල සේනාංකයේ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා පමණක් නොව එහි කාර්ය මණ්ඩලයේ අධ්‍යාත්මික සුවය යහපැවැත්ම සඳහා ද ගැඹුරු අරුතක් පෙන්නුම් කරයි.