02nd April 2025 06:15:11 Hours
21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඩබ්ලිව් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් ඩබ්ලිව් බී ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම මත 212 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බී ඒ එම් පී බාලසූරිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ, 4 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සහ 2 වන ඉංජිනේරු සේවා ඒකක භට පිරිස් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු 26 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කරන ලදි. "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව සිදු කරන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් ද සහභාගී විය.