Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th March 2025 14:16:04 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) රියදුරන් සඳහා දැනුවත් කිරීමේ දේශනයක් පවත්වයි

යුධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි ක්ලීන් ශ්‍රි ලංකා වැඩ සටහනට සමගාමිව යුද්ධ හමුදාව වෙතින් දායකත්වයක් ලබාදීම සදහා යුද්ධ හමුදා රියදුරන් විසින් මාර්ග නීති උල්ලංඝනය කරමින් නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම හේතු කොටගෙන සිදුවූ රිය අණතුරු මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා ප්රඅවාහනය කිරීම පිළිබදව දැනුවත් කිරීමේ දේශණ පවත්වන ලදී.

2025.03.04 දින යුද්ධ හමුදා සේවා බලකායේ, යුද්ධ හමුදා පොලිස් හේවා බළ ඇණියේ සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික බලකායේ උපදේශකයින් විසින් දැනුවත් කිරීමේ දේශණ පවත්වන ලදී.

එමෙන්ම 2025.03.05 මාර්ග නීතී උල්ලංඝනයටඅදාලව සංශෝධිත නීති රීති හා රිය අණතුරු අවම කර ගැනීමට අදාල කරුණු ඇතුලත් හරවත් දේශනයක් පොලිස් පරීක්ෂක එස් එම් ආර් සුරවීර මහතා විසින් පවත්වන ලදී.

මේ ආසේමු බලප්‍රෙද්ශයේ රියදුරන් 55 දෙනෙකු සහභාගි විය.