Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st February 2025 16:15:16 Hours

212 පාබල බළසේනාව මූලිකත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක්

21 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 211, 212, 213 පාබල බලසේනා මූලස්ථානයේ බළසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ “Clean Sri Lanka” වැඩසටහනට යටතේ “අධ්‍යණයට පිරිසිදු හිතකාමි තිරසාර පරිසරයක්” යන තේමාව පෙරදැරිව 2025 පෙබරවාරි 20 වන දින 0830 පැයේ සිට 1630 පැය දක්වා කාලය තුල 211, 212, 213 පාබල බලසේනා සහ යටතේ ඇති ඒකක භටපිරිස් විසින් 21 පාබල සේනාංක මූලස්ථාන බළප්‍රෙද්ශයේ පිහිටි පහත සදහන් පාසල් පිරිසිදු කිරීමේ හා සුළු අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

අ. බුදුගේහින්න විද්‍යාලය - පලාගල.

ආ. ගලෙන්බිදුනුවැව ප්‍රාථමික විද්‍යාලය.

ඇ. ගල්කිරියාගම ජාතික පාසල.

ඈ. සුමංගල මහා විද්‍යාලය - ඇදගල.

ඉ. කැලේදිවුල්වැව විද්‍යාලය - මහඉලුප්පල්ලම.

ඊ. කල්යානිපුර විද්‍යාලය.

එ. පෙරිය කොමරසන්කුලම් විද්‍යාලය