20th February 2025 22:42:15 Hours
21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩබ්.එම්.පී.ඩබ්.ඩබ්.බී.ආර්. පාලමකුඹුර ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහ 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ, 211, 212, 213, 561 පාබල බලසේනාවන් සහ යටතේ පාලනය වන ඒකකයන් එක්ව “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව පලමු අධියර යටතේ ප්‍රදේශයේ පාසල් 9 ක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
ඒ අනුව 212 පාබල බලසේනාව යටතේ 7(ස්වෙච්චා) සන්නාහා සන්නද්ධ බලකායේ හා 4 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ නිළධාරීන් හා සෙසුනිලයන් 10x180 ගේ සහභාගීත්වයෙන් ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය, ගනේබිදුනුවැව ප්‍රථමික ආදර්ශ මහා විද්‍යාලය, බුදුගේහින්න විදුහල, එප්පාවල සුමංගල මහා විද්‍යාලය සහ කැලේ දිවුල්වැව විදුහල පිරිසිදු කිරිම සිදුකරන ලදී. මේ සදහා දෙමාපියන් 100 කට අධික පිරිසක් එක්විය.
තවද 9 වන ගජබා රේජිමේන්තුව හා 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මගින් වැලිඔය කළ්යාණීපුර මහා විද්‍යාලය, නෙදුන්කේනී මහාවිද්‍යාලය හා ඔලුමඩු දෙමළ මහා විද්‍යාලය පිරිසිදු කරන ලදී. මේ සදහා 50 ක පමණ යුධ හමුදා සාමාජිකයින්ද 60 ක පමණ දෙමාපියන්ද සහභාගි විය.