20th February 2025 22:37:49 Hours
59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩිආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්ය උසස් මට්ටමක පවත්වා ගැනිම සදහා අංගම්පොර සටන්කලාව පිළිබද පුහුණු වැඩමුළුවක් 59 වන පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන ඒකකයන්ට අයත් සෙබලුන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025.02.15 වන දින සිට 2025.02.28 වන දින දක්වා දින 14 ක කාලසිමාවක් 6 ගැහේබ ඒකකයේ ඒ කණ්ඩායම ස්ථානගතව සිටින උදෛයාර්කට්ටු යුහ කදවුරේ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට නියමිතය.
එහි සමාරම්භක උත්සවය 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. ඒ සදහා 59 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම සේනාංකය යටතේ වන 591, 592, 593 යන පාසේමු බලසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරිවරුන්ද ඒ සදහා සහභාගිවන ලදි. තවද 59 වන පාබල සේනාංකයේ ගෞරවනිය ආරාධනාව පිළිගෙන මෙම ස්ථානයට පැමිණ සිටින නියෝජ්‍ය පොලිස්පති (වන්නි දිසාව) එස්ඩි විජේසේකර මැතිතුමා, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශිය ලේඛම් විජය කුමාර් මැතිතුමා, දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක එම් වාසුදේව මැතිතුමා, මුන්ගිල්ආරු රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුමිරා කරුණාරත්න මැතිනිය, ආපදා කලමනාකරන මධ්‍යස්ථාන ප්‍රධානි ගොකුල්රායි මැතිතුමා, පුදුකුඩුඉරුප්පු ප්‍රදේශිය සභා උප ලේකම් පි කමලේෂන් මැතිතුමා, සහකාර කළමනාකරු ඉංජිනේරු ආයතනය එස් ෆැන්සිස් මැතිතුමා, කෘෂි උපදේශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුමාරසිංහම් නිරෝෂන් මැතිතුමා, නාවික හමුදාව ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් මෙන්ම 59 වන සේනාංක බලප්‍රදේශයට අයත් විවිධ ආයතනයන්හි සම්භාවනීය අමුත්තන් ද සහභාගි වන ලදි.
මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර සංචිතයට අයත් උපදේශකයින් 10 දෙනෙකුගේ පුර්ණ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබයි.