Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th February 2025 18:59:44 Hours

212 වන පාබල බලසේනාව විසින් අනුරාධපුර - පූජනීය නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වයි.

21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩබ්.එම්.පී.ඩබ්.ඩබ්.බී.ආර්. පාලමකුඹුර ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ, 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.එම්.පී. බාලසූරිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා තිරසාර මුලපිරීමක් ලෙස අනුරාධපුර පූජා නගරය හා අවට නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ පරිසර හිතකාමී වැඩසටහනක් 2025 පෙබරවාරි 17 වන දින ක්‍රියාත්මක කරන ලදි. අනුරාධපුර පූජා නගරය (අටමස්ථාන) මෙන්ම තිසා වැව සහ බසවක්කුලම වැව් බැමිම වටා ඇති ප්ලාස්ටික්, පොලිතීන් සහ වීදුරු වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය ඉවත් කිරීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු විය.

21 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 212 පාබල බලසේනාවේ බළසේනාධිපති, අණදෙන නිලධාරීවරුන්, 212 සහ 213 පාබල බලසේනා යටතේ මෙන්ම භකාස අණසක (වන්නි) යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් හා සිවිල් ආරක්ෂක භටපිරිස් ඇතුළුව 16 x 300 භට පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී විය.