14th February 2025 14:06:53 Hours
2025 පෙබරවාරි 13 වන දින මන්නාරම, පේසාලේ 543 පාබල බලසේනා මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ හමුදා විධිවිධාන මධ්ය1යේ 543 පාබල බලසේනාවේ 13 වන බළසේනාධිපති ලෙස කර්නල් එච් එස් ඩබ්ලිව් කේ ගල්හේනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී රාජකාරි භාර ගත්තේය.
අලුතින් පත් කරන ලද බලසේනාධිපතිවරයා මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු මුරයක් පිරිනමන ලදී. ඔහුගේ කාර්යාලයේදී, බලසේනාධිපතිවරයා සිය රාජකාරි භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව ඔහු තම වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ අතර සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය අවසාන වශයෙන් භට පිරිස් අමන්ත්රුණය කරමින් බලසේනාධිපතිතුමන් බලසේනාවේ අනාගතය පිළිබඳ ඔහුගේ දැක්ම නිළධාරීන් හා සෙසු නිළයින් වෙත පැහැදිලි කරන ලදි.