11th February 2025 18:17:02 Hours
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් ඩබ්ලිව් බී ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජේ්‍යෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 10 වන දින හමුදා සම්ප්රලදායානුකූලව 21 පාබල සේනාංක මූලස්ථානයේදී නව සේනාංකාධිපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
21 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, සම්මාන මුරයක්ද පිරිනමන ලදී. අනතුරුව 7 (සෙව්) ශ්රී්ලසසබ ඒකක භඨ පිරිස් විසින් සම්මාන පෙළපාලියක් පිරිනමමින් සේනාංකාධිපති හට ගෞරවාචාර්ය දක්වන ලදී.
ආගමික වතාවත්වලින් අනතුරුව සිය රාජකාරී භාරගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට නව සේනාංකාධිපති විසින් කාර්යාලයේදී සංකේතාත්මකව අත්සන් තැබීය. ඉන් අනතුරුව සේනාංකාධිපතිතුමන් සමූහ ජායාරූපයකට පෙනී සිටින ලදී.
අනතුරුව පැමිණ සිටින භඨ පිරිස් නව සේනාංකාධිපති විසින් අමතන ලද අතර එහිදී තම දැක්ම, සුභසාධනය සහ සෙබලුන්ගේ විනයෙහි වැදගත්කම පිළිබද අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සදහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සේනාංක මූලස්ථානයේ සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගී වන ලදී.